spot_img
spot_img

රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්ගෙන් පොලීසියට පැමිණිල්ලක්

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර් මහතා ලිදුල පොලිසියට (06) දින පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත තමන්ට හිමිකම් ඔප්පුවකින් අයත් නිවස හැටන් වැවිලි සමාගමට අයත් හෙන්ෆොල්ඩ් වතුයායේ වතු පාලන අධිකාරියට ලබාදිම නිත්‍යානුකූල නොවන බව පවසමින්.

1985 වසරේ තමන් එම වතුයායේ සේවය කරන අවස්ථාවේ ලබාදුන් නිල නිවසට යාබදව පිහිටි විශාල ඉඩමක් තම මව විසින් තමන් වෙත ලබාදුන් බවත්, එම ඉඩමට 2015 වසරේ හිමිකම් ඔප්පුවක්ද ලබාගෙන ඇති බවත්, රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා විසින් කර ඇති පැමිණිල්ලේ සටහන් කර තිබෙනවා.

අධිකරණය මගින් වතු සමාගමට භාර දියයුතු ඉඩම නොව ඊට යාබදව පිහිටි වෙනත් ඉඩමක් ලබා දි ඇති බවයි ඔහු පවසන්නේ.

ඒ මහතා පවසන්නේ, තමන් නිවසේ නොසිටි අවස්ථාවේ නිවසේ දොරගුළු කඩා ඇතුල් වි ඇති වතු පාලන අධිකාරිය සහ නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඇතුළු නිලධාරින් පිරිසක් තමන්ට අයිති නිවස එම වතුයායේ පාලන අධිකාරියට භාරදුන් නියෝගය ඉඩමේ මායිම් පිලිබදව අවබෝධයකින් තොරව මුළු ඉඩමම සහ එම ඉඩමේ පිහිටි සියළුම ගොඩනැගිලි භාර දිම නිවැරදි නොවන බවයි.

ඒ පිලිබදව නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස පවසමින් අරවින්ද් කුමාර් මහතා විසින් කර ඇති පැමිණිල්ලේ වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාට පොලිසියේ නිලධාරින් පවසා ඇත්තේ, අධිකරණ කිහිපයකින් ලබාදුන් නියෝගයක් සම්බන්ධයෙන් පොලිසියට කිසිවක් සිදු කිරිමට නොහැකි බවත්, ඒ සදහා අවශ්‍ය නිති උපදෙස් ලබාගෙන අවශ්‍ය ඉදිරි නිතිමය කටයුතු කරන ලෙසටයි.

ඉකුත් (05) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය ඇතුළු නිලධාරින් පිරිසක් ලිදුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි අරවින්ද් කුමාර් මහතාට වතු සමාගම විසින් නිල නිවස වශයෙන් ලබා දි තිබුණු නිවසේ ඒ මහතාට අයත් යැයි කියන සියළුම පෞද්ගලික බඩු බාහිරාදිය ලැයිස්තු ගත කර එම වතුයායේ පාලන අධිකාරිය වෙත භාර දි තිබුණා.

අනතුරුව වතු පාලන අධිකාරිය විසින් එම භාණ්ඩ වතුයායේ වෙනත් ගොඩනැගිල්ලක ආරක්ෂිතව තබා එම ගොඩනැගිල්ලට මුරකරුවන්ද යොදා ගැනීමට පියවර ගෙන තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...