ජාතික ජන බලවේගය එක පැත්තකින් අපනයන ආර්ථිකයකට යන බව කියන අතර තව පැත්තකින් ආනයන ආර්ථිකයකට පිවිසෙනවා යනුවෙන් පවසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මොරවක ජනපතිවරණ ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා ඊයේ (06) මේ බව සඳහන් කළා.
රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකට යන විට ජාතික ජන බලවේගය තව පැත්තකට යන බව පෙනී යන බවයි.
මෙම පරස්පර විරෝධී කතා වලට අනුර කුමාර දිසානායක අද (7) පැවැත්වෙන ජාජබ මොරවක ජනරැළියේදී පිළිතුරු ලබාදිය යුතු බවද ඔහු අවධාරණය කර තිබුණා.
මෙවැනි පරස්පර විරෝධී ප්‍රකාශ නිසා මාලිමාව අද කැරකෙන්නේ මොන පැත්තටදැයි හිතාගන්නට නොහැකි වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා.




