spot_img
spot_img

එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි සංවත්සරය අද

එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි ජාතික සංවත්සරය අදට (06දා) යෙදී තිබෙනවා.

ඒ අනුව සංවත්සර සැමරුම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය 1946 සැප්තැම්බර් 06 වැනිදා ස්ථාපිත කර තිබෙනවා.

ඉන් ඉක්බිතිව මේ රටේ ජාතීන් අතර එකමුතුවත්, දේශපාලන නිදහසත්, ආර්ථික සංවර්ධනයත් උදෙසා කටයුතු කළ එම පක්ෂයේ ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, රනිල් වික්‍රමසිංහ දක්වා විවිධ නායකයෝ මේ රටේ අගමැති පදවි හෙබවූවා.

මේ රටේ ගල්ඔය වැනි වාරි ව්‍යාපෘති ඇතුළු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති මෙන්ම නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කිරීමද සිදු වූයේ එවක එජාප උප සභාපතිවරයෙකුව සිටි සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ සමයේය.

78 වන සංවත්සරය වෙනුවෙන් චාම් උත්සවයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (06දා) පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...