spot_img
spot_img

පොහොට්ටුව ඇල්පිටියට ඇප මුදල් තැන්පත් කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට තරඟ කිරීම සදහා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප තැන්පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසන්නේ, එම ප්‍රාදේශීය සභා මැතිවරණයට තම අපේක්ෂකයන් වෙනුවෙන් ඇප තැබූ බවයි.

ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් 11 දින මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට ද නියමිතයි.

ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය අගෝස්තු 26 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කළා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව 2024.08.26 වනදා සිට 2024.09.13 වනදා මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම කාලය කිසිසේත්ම දීර්ඝ නොකරන බවයි.

මේ අතර තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන 2024 ඡන්දහිමි නාමලේඛන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.

ඊට අමතරව අවශ්‍ය වන තොරතුරු ලබාගැනීම සඳහා 2024 ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්දහිමි නාමලේඛන පහත සඳහන් ස්ථානවලදී ද ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය
ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්යාලය
ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල (එක් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් නාමලේඛන)

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...