spot_img
spot_img

ඇමති චාමර සම්පත් පොලිසියට පැන අත්අඩංගුවේ සිටි 34ක් අරන් ගිහින්

රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඊයේ දහවල් බදුල්ල මූලස්ථාන පොලිසියට කඩාවැදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා 34 දෙනෙකු නිදහස් කරගෙන ගොස් තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් බදුල්ල බස් නැවතුම්පොළේ දී ප්‍රචාරක ව්‍යාපාරික නිරත වෙමිස් සිටි 34 දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කලේ යයි චෝදනා මත බදුල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණ.

මැතිවරණ පැමිණිලි ඒකකයට ලද පැමිණිල්ලක් මත බදුල්ල පොලිසිය විසින් එම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ සම්බන්ධයෙන් දැනගත් රාජ්‍ය ඇමැති චාමර සම්පත් මහතා පොලිසියට පැමිණ මෙම පිරිස නිදහස් කරන්නයි පොලිසියට බැණ වැදී ඇති අතර නීතිය කාටත් එක ලෙස ක්‍රියාත්මක කරන ලෙසද පවසා තිබෙනවා.

පසුව රාජ්‍ය ඇමැතිවරයා බදුල්ල දිස්ත්‍රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස් හමුවී සාකච්ඡා කිරීමෙන් පසු අදාළ පිරිස පොලිසිය විසින් නිදහස් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...