spot_img
spot_img

දයාසිරිට වාරණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

දයාසිරි ජයසේකර මහතා විත්තිකරු ලෙස නම් කරමින් වේලු කුමාර් මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (05) මෙම වාරණ නියෝගය නිකුත් කළා.

සමගි ජන බලවේගය අකුරැස්සේ සංවිධානය කළ මහජන රැළියකදී දයාසිරි ජයසේකර මහතා විසින් කරන ලද ප්‍රකාශයක් පාදක කර ගනිමින් මෙම නඩුව පවරා තිබූණා.

අදාළ අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශයෙන් තමාට සිදු වූ අගතියට රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසද පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

පැමිණිල්ල ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අදාළ ප්‍රකාශය තවදුරටත් දයාසිරි ජයසේකර මහතාගේ ෆේස්බුක් පිටුවේ හෝ සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම වලක්වාළමින් වාරණ නියෝග නිකුත් කර තිබෙනවා.

එමෙන්ම, දයාසිරි ජයසේකර මහතාට එරෙහිව අතුරු තහනම් දැන්වීම් නොතීසි නිකුත් කරමින් එළඹෙන 19වන දින අධිකරණයට කරුණු දක්වන ලෙසද මෙහිදී නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...