spot_img
spot_img

Breaking : අශුද්ධ සන්ධානයකට එරෙහිව රාජ්‍ය ඇමතිවරයෙක් ස්වාධීන වෙයි

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු අද (04) සිට පාර්ලිමේන්තුවේ ස්වාධිනව සිටින වන බව පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින්.

ඔහු පවසන්නේ, ජාතික ජන බලවේගය එක්වී ඇති අශුද්ධ සන්ධානයට එරෙහිව පෙනි සිටින කුමන හෝ කණ්ඩායමට තමන්ගේ සහාය පල කරන බවයි.

නව පත්වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් කැඳවන බව අප සියළු දෙනා දන්නා කරුණාක් බව ඔහු මෙහිදී කියා සිටියා.

මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී මලගම වෙත ඇදගෙන යාමට ජනතාව කැඳවාගෙන යන බව පෙන්වීමට කණ්ඩායමක් සිදුනම් වන බව ඔහු මෙහිදී කියා සිටියා.

වසර 70 ක කාලයක් ජනතාවට කිසිදු දෙයක් සිදු කලේ නැති බව පවසමින් බලය ලබා ගැනිමට පිරිසක් කටයුතු කරන බව අරුන්දික ප්‍රනාන්දු මහතා අවධාරණය කළා.

මේ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන නායකයෙකු සිටිනවානම් වෛරී දේශපාලනයට නොයා සිටින කෙනෙක් සිටිනවානම් ඔහුගේ කකුලෙන් අදින්නේ නැතිව සහාය දැක්විය යුතු බවයි ඔහු පවසන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් තමා හලාවත නගරයේ දැවැන්ත රැළියක් සිදු කල නමුත් ජනාධිපතිවරයා අශුද්ධ සන්ධානයක් සමඟ කටයුතු කරන බව දැනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...