spot_img
spot_img

රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික අයිතිවාසිකම කඩලා

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛණ සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීම තුළින් රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) තීරණය කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බවටයි.

රජයේ බලධාරීන් නිසි වේලාවට ගත යුතු තීරණ නොගැනීම හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් සිදුවන බවත්, ඒ හරහා රාජ්‍ය සේවයේ ඵලදායීතාව කප්පාදු වීමට මග පෑදෙන බවත් ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන්.

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා ලේඛණ සහකාර සංගමයේ ලේකම් ඩී.එම්.එස්. දිසානායක ඇතුළු ලේඛණ සහකාරවරු 132ක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරුන් මේ බව අවධාරණය කළා.

පෙත්සම්කරුවන් කියා සිටියේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකාර තුන්වන ශ්‍රේණියට තමන් 2005 වසරේ ජූලි මස 11 වනදා පත්වීම් ලැබූ බවයි.

ඉන් අනතුරුව තමන්ව ලේඛන සහකාර දෙවන ශ්‍රේණියට උසස් කිරීම සඳහා වූ විභාගයක් 2013 වසරේ පෙබරවාරි මස දෙවනදා පැවැත්වීමට දින නියම කර තිබූ බවත් ඉදිරිපත් වූ නිර්නාමික ලිපියක් පදනම් කරගෙන අදාළ විභාගය දින නියමයක් නොමැතිව කල් දමා තිබූ බව පෙත්සමේ සඳහන් වනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ නිර්ණාමික ලිපියක අන්තර්ගත තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයක් නොපවත්වා අදාළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා ගනු ලැබූ තීරණය අත්තනෝමතික මෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...