spot_img
spot_img

ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙනවා.

එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වෙනවා.

එම විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

විභාගය අයදුම් කළ අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇතැයි ද අදාළ නිවේදනයේ දක්වා තිබෙනවා.

මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට http://www.doenets.lk/ හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් ලේඛනය බාගත කිරීමට හැකියි.

එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය අද (02) දින සිට සැප්තැම්බර් 9 දක්වා මාර්ගගත සංශෝධනය කිරීමටත් පහසුකම් සලසා තිබෙනවා.

දුරකථන අංක – 0112 784 208/ 278 4537 / 2784537 / 2786616 /2785413
ක්ෂණික දුරකථන අංක – 1911
ෆැක්ස් අංකය – 0112 784422

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...