spot_img
spot_img

කුරුණෑගල මහෙස්ත්‍රාත් මූලික අයිතිවාසිකම් අයදුම්පතක්

ධිකරණ නිලධාරීන්ට උසස්වීම් සහ විදේශ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු, විශ්වාසදායක සහ තාර්කික ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන්නැයි ඉල්ලා කුරුණෑගල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් අයදුම්පතක් ගොනු කළේය.

විදේශයන්හි සේවය කර පැමිණි අධිකරණ නිලධාරීන්ට අධිකරණ සේවා කොමිසම ඒකාකාරිව නොසැළකා ඇතැයි සඳහන් කරමින් මෙම මුලික මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරන කුරුණෑගල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරුවරයා සේවා ව්‍යවස්ථාවක් හෝ බඳවා ගැනීමේ සහ උසස්වීම් ක්‍රමයක් සහිත රාමුවක් අධිකරණ සේවා කොමිසමට නොමැති වීම හේතූවෙන් අසාධාරණකම් වලට හැකියාව ඇති බවද පෙන්වා දෙමින් මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.

කුරුණෑගල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු බන්ධුල ගුණරත්න මහතා ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අධිකරණ සේවා කොමිසම, එහි සාමාජිකයන්, එහි ලේකම්වරයා, නීතීපතිවරයා සහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඇතුළු මහෙස්ත්‍රාත්වරුන් 46 දෙනෙකු නම් කර ඇත.

නීතීඥ සංජීව කළුආරච්චි මහතා සිය පෙත්සම ගොනු කරන පොදුරාජ්‍ය මණ්ඩලීය මහේස්ත්‍රාත්වරුන්ගේ සහ විනිසුරුවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකු සහ ෆීජි රාජ්‍යයේ සේවය කර ඇති කුරුණෑගල මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු බන්ධුල ගුණරත්න මහතා 2004 වර්ෂයේදී නීතීඥවරයකු වශයෙන් පත්වු තමන් 2008 වර්ෂයේදී අධිකරණ නිලධාරියකු වශයෙන් තේරී පත්වු බව සඳහන් කර ඇත.

2008 වර්ෂයේ සිට මේ දක්වාම ලංකාවේ විවිධ අධිකරණ වල සේවය කර ඇති තමන් අධිකරණ සේවා කොමිසමේ අනුමැතිය සහිතව ෆීජි රාජ්‍යයේ විනිසුරුවරයකු වශයෙන් සේවය කළ බවද එහි සේවා කාලය අවසන්ව යළි ලංකාවට පැමිණ විවිධ අධිකරණ වල සේවය කළ බවද සඳහන් කරන බන්ධුල ගුණරත්න මහතා අධිකරණ සේවා කොමිසමේ අනුමැතිය සහිතව විදේශ රටවල සේවය කළ වෙනත් විනිසුරුවරුන්ට සේවා අඛණ්ඩතාවය සැළකිල්ලට ගතු ලැබුවත් තමන්ගේ සේවා කාලය සැළකිල්ලට ගැනීමට අධිකරණ සේවා කොමිසම පියවර නොගත් බව සඳහන් කර ඇත.

තමන්ගේ සේවා කාලය සැළකිල්ලට ගන්නා ලෙස තමන් අවස්ථා කිහිපයකදීම අධිකරණ සේවා කොමිසමෙන් ඉල්ලීම් කළත් ඊට නිසි ප්‍රතිචාර නොලැබුණු බවත් විදේශිය සේවා කාලය ගණන් නොගැනීම හේතූවෙන් තමන්ට වඩා කණිෂ්ඨ නිලධාරීන් තමන්ගේ සේවා කාලයට වඩා වැඩි සේවා කාලයක් ගණනයය කිරීම නිසා තමන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අඩු වීමෙන් තමන්ගේ මුලික අයිතිවාසකම් කඩ වු බවත් සඳහන් කරන පෙත්සම්කාර බන්ධුල ගුණරත්න මහතා විදේශයන්හි සේවය කර පැමිණි අධිකරණ නිලධාරීන්ට අධිකරණ සේවා කොමිසම ඒකාකාරිව නොසළකා හැර ඇතැයි පෙන්වා දී ඇත.

සේවා ව්‍යවස්ථාවක් හෝ බඳවා ගැනීමේ සහ උසස්වීම් ක්‍රමයක් සහිත රාමුවක් අධිකරණ සේවා කොමිසමට නොමැති වීම හේතූවෙන් අධිකරණ නිලධාරීන් අසාධාරණකම් වලට ලක්වීමේ හැකියාව ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාර බන්ධුල ගුණරත්න මහතා අධිකරණ නිලධාරීන්ට උසස්වීම් සහ විදේශ නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතු, විශ්වාසදායක සහ තාර්කික ප්‍රතිපත්තියක් ස්ථාපිත කරන්නැයි ඉල්ලා සිටී.

තම පෙත්සම විභාග කර තමන්ගේ මුලික අයිතිවාසකම් කඩ වු බවට තීන්දුවක් දෙන්නැයි පෙත්සම්කාර බන්ධුල ගුණරත්න මහතා තම පෙත්සම විභාග කිරීමට අවසර දෙන්නැයි ඉල්ලීමක්ද කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...