spot_img
spot_img

අනුරගෙන් රාජ්‍ය සේවකයින්ට පොරොන්දුවක්

රාජ්‍ය සේවකයන් සඳහා සෑම මාස හයකට වතාවක්ම වැටුප් වැඩිවීමක් ලබා දෙන බව ජාතික ජන බලවේගය නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කොළඹ දී පැවති සංවර්ධන නිලධාරීන්ගේ සමුළුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා :

“2016 පස්සේ විශ්‍රාම වැටුපේ ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. අපි ඒ විශ්‍රාම වැටුප නැවත ප්‍රශ්නයකින් තොරව ලබාදෙන්න කටයුතු කරනවා. බඳවාගැනීම්, උසස් වීම් පිළිබඳ ප්‍රශ්න මතුවෙලා තියෙනවා. කිසිම උසස්වීමක් දේශපාලන මැදිහත්වීමකින් තොරව ලබාදෙන්න කටයුතු කරනවා.

ඒ වගේම මාරුවීම් දේශපාලනයට යටත්වෙලා තියෙනවා ඒවත් දේශපාලනයෙන් තොරව සිදුකරනවා. ජීවත් වීමට සරිලන වැටුපක් දෙන්න ඕනේ. සමහර අය බලනවා එයා වැඩකරනවා නම් ගෙවනවා නැත්නම් ගෙවන්නේ නෑ. එහෙම නෙමෙයි. ඔබ කාර්යයක් කරනවා. එවැනි රාජ්‍ය සේවකයෙකුට සාධාරණ වැටුපක් ලබාදීම රජයේ වගකීම.

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට දාලා තියෙනවා එකපාර 25,000 කතා බොරු. ඒවා කරනවා නම් රනිල්ට දැන් කරන්න පුළුවන්. අපි එහෙම නෙමෙයි තමන්ගේ ජීවන වියදමට සරිලන වැටුප් සෑම අවුරුද්දකම මාස 6කට සැරයක් ගණනය කරලා ලබාදෙන්න අපි සැලසුමක් හදලා තියෙනවා”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...