spot_img
spot_img

මැතිවරණ කොමිසමෙන් සිහි කැඳවීමක්

දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ යෝග්‍යතා සහතික නොපමාව ලබා ගන්නැයි මැතිවරණ කොමිසම සිහි කැඳවීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ, යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා වන ඉල්ලුම් පත්‍රය දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ election.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි බවයි.

අදාළ ඉල්ලුම් පත්‍රය පිරවීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරී මගින් සහතික කර රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් කර ඡන්ද හිමියාගේ යෝග්‍යතාවය සටහන් කරගත යුතුය.

දෘශ්‍යාබාධිත හෝ ශාරීරික දුබලතා සහිත ඡන්ද දායකයින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී තමන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත සහතික කළ යෝග්‍යතා පත්‍ර සහිතව යා යුතු අතර එහිදී වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සහයකයෙකු සමග යායුතු බව අදාළ නිවේදනයේ සඳහන් විය.

අදාළ සහයකයා අපේක්ෂකයෙකුගේ බලයලත් නියෝජිතයෙකු හෝ ඡන්දපොළ නියෝජිතයෙකු නොවිය යුතු බව ද මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...