spot_img
spot_img

රටේ ආර්ථිකය ආයෙත් නාමල්ලට බාර දෙන්නලු

රටේ සාමාන්‍ය ජනතාව නොපෙළා ආර්ථිකය සංවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාරගන්නා බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මාවතගම ප්‍රදේශයේ පැවැති ආසන රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කරන ආසන රැස්වීම් මාලාවේ මාවතගම ආසන රැස්වීම ඊයේ (27) පස්වරුවේ පැවැත්වුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :

“අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නෑ. මං හිතනවා මට තියෙන වගකීම සහ අභියෝගය තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්තපු තැනින් රට ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියන කාරණය. අද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයට හරි අමාරුයි. අසීමිත අසාධාරණ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. එදා ගෝඨාභයගේ ආණ්ඩුව අපි බදු අඩු කළා. අපිට චෝදනා කළා. අපි අදත් විශ්වාස කරනවා මේ රටේ ජනතාවට දැරිය හැකි බදු ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරන්න ඕන කියන කාරණය. අපි මේ රටේ ආර්ථිකය හදනවා. ගමේ ආර්ථිකය හදනවා. පොඩි මනුස්සයාගේ ආර්ථිකය හදනවා. ඔබ වෙනුවෙන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. “

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...