spot_img
spot_img

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ඉල්ලා අස්වෙයි

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකත්වය භාරගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සිය පක්ෂ සාමාජිකත්වයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.

එම පක්ෂයේ ලේකම් වාසුදේව නානායක්කාර මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඒ බව සඳහන් කරයි.

නිරෝෂන් ප්‍රේමරත්න මහතා පෙන්වා දෙන්නේ වර්තමාන දේශපාලන තත්ත්වය තුළ සාකච්ඡා කරගත් පරිදි ඉලක්ක සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ සෙසු සහෝදරයන් දක්වන අකමැතිත තමාගේ මෙම තීරණය ගැනීමට හේතුවූ බවය.

අදාළ ලිපියේ දැක්වෙන්නේ,

“ජනාධිපතිවරණය සඳහා අපි ඇති කරගත් එකඟතාවය පසුව වෙනස්වීම මා දැඩි කැළඹීමට ලක්විය. ඒ සම්බන්ධව තර්ක කොට ඵලක් නැත. මම එදින රැස්වූ මැතිවරණ කමිටුවෙන් ඉවත්වී ගියේ තීන්දුව ඔබ ඇතුළු කණ්ඩායමට ගැනීම සඳහාය. ”

“ජනක රත්නායක නමැත්තෙකුට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනැමීමට ඔබ ඇතුළු පක්ෂයේ විධායක සභාවේ බහුතරය ගත් තීන්දුව ගැන මා වික්ෂිප්තභාවයට පත් කළේය. එම තීරණය වැළැකී ගොස් තිබුණේ අනූනවයෙනි. මා සුදුසු බිමක් සොයා යා යුතුය.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...