spot_img
spot_img

එජාපය තමයි රටේ පෝලිම් නැති කලේ – රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂය යනු ඉතිහාසයේ සිට පෝලිම් යුග තුරන් කළ පක්ෂය බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

ඔහු පවසන්නේ, එක්සත් ජාතික පක්ෂය නැමැති දැවැන්ත පක්ෂය මෙරටට දැවැන්ත නායකයින් මේ රටට බිහිකළ පක්ෂයක් බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා :

“එක්සත් ජාතික පක්ෂය කවදාවත් අභියෝගයට බයේ පැනලා ගියේ නැහැ. ඉතිහාසය ඊට සාක්ෂි දරනවා. සුද්දගෙන් මේ රටේ නිදහස් කර ගත්තේ ඩී.එස්.සේනානායක මහතායි. පළවෙනි පෝලිම් යුගය නිමා කළේ පළවෙනි විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතායි. මේ රටේ කර්මාන්ත පුනරුදය ඇති කළේ රණසිංහ ප්‍රේමදාස මහතායි. මීට වසරක් දෙකකට පෙර තිබුණු දෙවන පෝලිම් යුගය නැති කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එසේ බැලූ විට එක්සත් ජාතික පාක්ෂික නායකයින් මේ රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටද කටයුතු කර තිබෙනවා”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...