spot_img
spot_img

පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්

හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා.

ඊයේ (26) නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියා.

නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය පියවර ගෙන ජාත්‍යන්තර මිල ගණන් කැඳවා විදේශ සමාගමකින් ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇනවුම් කර ඇති බවත් විදේශ ගමන් බලපත්‍ර හිඟය පිළිබඳව අවදානය යොමු කර සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් එම සමාගමෙන් ගැනීමට කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

නිවේදනයේ සඳහන් වන්නේ, එම විදේශ ගමන් බලපත්‍ර තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර ලැබෙනු ඇති බවයි.

එම දෙපාර්තමේන්තුව පසුගිය වසරේ නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රවලින් 23%ක් පමණක් විදේශගත ඇති බව පවසන ආගමන විගමන පාලක ජනරාල්වරයා ඇනවුම් කර ඇති විදේශ ගමන් බලපත්‍ර තොගය ලැබෙන තෙක් අත්‍යවශ්‍යම හේතුවකට හැර ගමන් බලපත්‍ර අයදුම් නොකරන ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කළා.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී වන ප්‍රමාදය හේතුවෙන් ජනතාවට වන අපහසුතාව පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුව කණගාටුව පළ කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...