spot_img
spot_img

මැතිවරණයට රජයේ වියදමින් ගුවනින් යන්න බෑ

මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසන්නේ,රජයේ ගුවන් යානා මැතිවරණ කටයුතු සඳහා පාවිච්චි කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු බවයි.

කෙසේ වෙතත් මැතිවරණ නොවන වෙනත් රාජකාරී කටයුතු සඳහා ගුවන් යානා ලබාගත හැකි පුද්ගලයන්ට එවැනි කටයුතු සඳහා රජය ගුවන් යානා යොදා ගැනීමට බාධාවක් නැති බවද ඔහු සඳහන් කළා.

මේ අතර මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ දුම්රිය යොදා ගන්නේ නම් ඒ සඳහාද අනිවාර්යයෙන්ම මුදල් ගෙවා රිසිට් පත් ලබා ගත යුතු බව කොමිසම දැනුම්දී තිබෙනවා.

මැතිවරණ කටයුතු සඳහා රජයේ දේපළ යොදා ගැනීම පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳව වහා ක්‍රියාත්මක වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...