පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමට ස්වාධීන ඒකකයක් අනිවාර්යෙන්ම පිහිටුවන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ජාඇල බෝපිටිය ප්රදේශයේදී පැවති ජන හමුවක් අමතමින්.
අන්තවාදී පුද්ගලයින් පුනරුත්තාපනය කිරීමට එම ඒකකය හරහා ක්රියාත්මක කරන බව ද ඔහු කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :
” ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳව පරීක්ෂණ කටයුතු කෙරුවා. ඒත් මං විශ්වාස කරනවා අපිට සංවේදී වෙලා තවදුරටත් ස්වාධීන ඒකකයක් පිහිටුවන්න තිබ්බා, පාස්කු ඉරිදා ප්රහාරය ගැන පරීක්ෂණ කටයුතු ක්රියාත්මක කරන්න. අපි බිහි කළ ආණ්ඩුවක් තුළ අනිවාර්යයෙන් පාස්කු ඉරිදා ප්රහාරය ගැන පරීක්ෂණ කටයුතු ක්රියාත්මක කරන්න ස්වාධීන ඒකකයක් පිහිටුවීමේ වගකීමත් අපි ඒ ආයතන වලට පවරනවා කියන එක අපි මතක් කරනවා. ඒ වගේම අන්තවාදී පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳවත් ඒ ඒකකය හරහා අපි ක්රියාත්මක කරන්න කටයුතු කරන්නත් අපි කටයුතු කරනවා. අන්තවාදී ප්රහාර රට තුළ තවදුරටත් මේ රට තුළ ක්රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නෑ”




