spot_img
spot_img

ඡන්ද කාඩ්පත් බෙදාහැරීම ගැන දැනුම්දීමක්

2024 සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින් සඳහා යැවෙන ලියාපදිංචි තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකැට්ටුව භාර ගැනීමේ කටයුතු හෙට (25) දිනයේ සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ඡන්ද කාඩ්පත් බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් 03 වනදා ඇරඹෙන අතර සැප්තැම්බර් 08 විශේෂ දිනයක් සේ සලකා එම බෙදාහැරීම් කටයුතු සිදු කෙරෙනු ඇති.

මෙම කටයුතු හේතුවෙන් ජනාධිපතිවරණය අවසන් වනතුරු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළා.

එහිදී අසනීප තත්ත්වයක් හෝ විශේෂ අවස්ථාවක් සඳහා පමණක් පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතිය යටතේ නිවාඩු ලබා ගත හැකි බව නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...