ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෝටි ගණන් වියදම් කරමින් මන්ත්‍රීවරුන් බිලි බාගන්නා බව සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ, මේ වන විට මිලියන 300ක ලන්සු ඉදිරිපත් වන බවට ආරංචි වන බවයි.
ජනාධිපතිවරයා ජනතා විමුක්ති පෙරමුණ සමග එකට එක් වී කටයුතු කරන්නේ රට බංකොලොත් කරමින් රටේ නායකත්වය නැවත ඔහුට ලබා ගැනීමට උත්සහ කිරීමට බවයි ඔහු පවසන්නේ.
ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (23) වරකාපොළ ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා :
“අද රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන කොච්චර ජරා වැඩක්ද කියලා බලන්න. කෝටි ගණන් වියදම් කරනවා අපේ මන්ත්‍රීවරු බිලි බාගන්න. මට ආරංචි මේ වෙනකොට මිලියන 300ක් ලන්සු ඉදිරිපත් වෙනවා.දැන් මේ වෙනකොට කෝටි 3000යි එක මන්ත්‍රීවරයෙක්ට. බස්නාහිර පළාතේ අපේ තරුණ මන්ත්‍රීවරු දෙන්නෙක්ට කෝටි 300,300 ගානේ. මේ අපේ පරණ නායකතුමා අපේ ජයග්‍රහණය වලක්වන්න, දිනන්න නෙවෙයි. එතුමා මොකක්ද සැලසුම් කරන්නේ, අපේ ජයග්‍රහණය පුලුවන් තරම් දුරට අඩාල කරලා එතුමා උත්සහ කරනවා පුලුවන්නම් JVP එක බලයට ගෙනල්ලා, බලයට ගෙනාවට පස්සේ JVP එක රට බංකොලොත් කරනකොට නැවත පෙට්‍රල් පෝලීම් ගෑස් පෝලිම් ඇති වෙලා ජනතාව පාරට බහිනකොට අන්න, රනිල් වික්‍රමසිංහ හිතනවා ආපහු අර පිං චාන්ස් එකක් වදී කියලා රනිල්ට අනගහලා ආපහු බලේ දෙයි කියලා හිතලා තමයි JVP එකයි රනිල් වික්‍රමසිංහයි අද එකට වැඩ කරන්නේ.




