spot_img
spot_img

එස් බී දිසානායක නුවරඑළියේ ඡන්ද ප්‍රතිපලය කලින්ම කියයි

2024 ජනාධිපතිවරණය සදහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක වශයෙන් ඉදිරිපත් කර ඇති නාමල් රාජපක්ෂ මහතා අන්ත පරාජයක් ලබන බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි දිසානායක මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ,මස්කෙලිය ආසනයේ ඒකාබද්ධ බල මණ්ඩල රැස්විම ගිනිගත්හේන සමුපකාර උත්සව ශාලාවේ පැවති අවස්තාවේදි පාක්ෂිකයන් අමතමින්.

එස්.බි දිසානායක මහතා පවසන්නේ, මෙවර ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පුර්ණ සහයෝගය ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලිමක් කල බවයි

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂකයා වශයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විශාල මුදලක් රැගෙන මැතිවරණයට සුදානම් වු බවත්, එම මුදල් වලට කෑදරකමින් බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කල බවයි ඔහු පවසන්නේ.

නාමල් රාජපක්ෂ මහතා මෙම මැතිවරණය සදහා තවමත් පරිපුර්ණ නොවන බවට තමන් පවසා සිටි බවත්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විමට එකගතාවය පල කිරිමත් සමග ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා මම පරදින්න ජන්දය ඉල්ලන්නේ නැ යනුවෙන් පවසමින් ඉවත් වු බව එස්.බි දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...