spot_img
spot_img

සතියක් තුළ දෙවන වතාවටත් සජිත් කුරුණෑගලින් ප්‍රතික්ෂේප වෙලා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන අතර ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී එම සාකච්ඡාව සඳහා ආරාධනා ලැබූ කණ්ඩායමෙන් බහුතරයක් පැමිණ නොමැතිවීම හේතුවෙන් විපක්ෂ නායකවරයා අපහසුතාවයට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.

ඊයේ (22) පස්වරු 7 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, නවරෝහල පාරේ පිහිටි මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වීමට තිබූ මෙම සාකච්චාවට විපක්ෂ නායක කාර්යාලය මගින් සියළුම ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ඇරයුම් කර තිබෙනවා.

ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන 267 කට ආරාධනා කර තිබුණද සාකච්ඡාව සඳහා පැමිණ තිබුනේ 30 කටත් අඩු පිරිසක්.

මෙම සාකච්ඡාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සහ හෙක්ටර් අප්පුහාමි විසින් විදේශ රැකියා නියෝජිත ආයතන කැඳවීමේ වගකීම බාරගෙන තිබුණා.

සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් කෝපයට පත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අලවතුවල මන්ත්‍රීවරයාට සහ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාට බරපතල ලෙස දෝෂාරෝපණය කර ඇති බවද වාර්තාවනවා.

කෙසේවෙතත් විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් මෙම සාකච්ඡාවට නොපැමිණ කම්කරු සහ විදේශ රැකියා පිළිබද ජනාධිපති උපදේශක මනුෂ නානායක්කාර මහතා සහභාගීවූ සාකච්ඡාවකට සහභාගී වී තිබෙනවා.

බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ සංසදය විසින් සංවිධානය කර තිබූ එම සාකච්ඡාව සදහා විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් 160 කට වඩා සහභාගී වී තිබෙනවා.

මීට දින හතරකට පෙර ඉකුත් 18 වනදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් කැඳවමින් කොළඹ සම්මේලන සහ ප්‍රදර්ශණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවද අවලංගු කිරීමට යෙදී ඇති අතර එම සාකච්ඡාව සඳහා 2000 කට ඇරයුම් කර තිබුණද ඊට පැමිණ සිටියේ 18 දෙනෙකු පමණක් බවයි වාර්තාවන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...