spot_img
spot_img

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.

මේ අනුව, ආනයනික ග්‍රෑම් 425ක මාළු ටින් එකක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර, එහි නව මිල සටහන් වන්නේ රුපියල් 500ක් ලෙසයි.

එමෙන්ම, දේශීය ග්‍රෑම් 425 මාළු ටින් එකක මිලද රුපියල් 450ක් දක්වා සහ ග්‍රෑම් 155ක මාළු ටින් එකක මිල රුපියල් 270ක් දක්වා මිල අඩුකර තිබෙනවා.

තවද, මුං ඇට කිලෝවක මිල රුපියල් 890ක් දක්වාත්, ආනයනික රතු ළුෑණු කිලෝවක මිල රුපියල් 470ක් දක්වාත්, මිල පහත දැමීමට කටයුතු කර තිබෙනවා.

සුදු සීනි සහ වියළි මිරිස් කිලෝවක මිලද රුපියල් 5කින් මිල පහත දමා තිබෙනවා.

එමෙන්ම, හාල් මැස්සන් කිලෝවක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 925ක්.

ලංකා සතොස ආයතනය පියවර ගෙන ඇත්තේ, දේශීය සම්බා කිලෝවක මිල රුපියල් 226ක් දක්වා සහ කඩල කිලෝවක මිල රුපියල් 439ක් දක්වාත් මිල පහත දැමීමටයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...