මැතිවරණයක් කල්දැමීම වැරදි ක්‍රියාවක් බවට අධිකරණය පිළිගැනීම ජනතාව ලද ජයග්‍රහණයක් බව පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඔහු පවසන්නේ, ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණය පවත්වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.
අනුරාධපුරයේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා,
“ඕනම ඡන්ද විමසීමක් නොපැවැත්වීමෙන් හෝ කල්දැමීමෙන් ජනතාවගේ අයිතිවාසිකම් කඩ වන බව මීට පෙර කිහිප සැරයක්ම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තියෙද්දී මේ තීන්දුව ලැබීම පුදුමයට කරුණක් නෙමෙයි. ඒක මම දකින්නේ යුක්තිය ලැබිලා තිබෙනවා. නමුත් ප්‍රමාද වෙලා. ඒ අනුව ජනාධිපතිවරණය අවසන් වූ වහාම මේ වසරේදීම මෙම ඡන්ද විමසීම පැවැත්වීමට කොමිෂන් සභාව ක්‍රියා කරයි කියලා අපි විශ්වාස කරනවා.”




