spot_img
spot_img

බදු ගැන හොයන්න කවුරුත් එන්නේ නැහැ-සියඹලාපිටිය

රටේ ජනාධිපතිවරණයක් අභියස ඇති විශේෂිත තත්ත්වයත් සමග කිසිඳු පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් බදු පිළිබඳ සොයා බැලීම සඳහා නොපැමිණෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එම නිසා එවැනි වංචනිකයන්ට හසු නොවන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළා.

එවැනි කණ්ඩායමක් යම් ආයතනයකට පැමිණියහොත් ඔවුන්ගේ හැදුනුම්පත ඉල්ලා සිටින ලෙස මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

එසේම කුමන නිලධාරියෙකු පැමිණියද ඔවුන්ට මුදල් භාර ගැනීමට කිසිදු අයිතියක් නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා , චෙක්පත් භාර ගැනීමද සිදු නොකරන බැවින් යම් අයෙකු දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යම් ගෙවීමක් කළ යුතුව ඇත්නම් එය අදාල බැංකු ශාඛාව හරහා පමණක්ම සිදු කළ යුතු බව පවසා තිබෙනවා.

වංචනිකයන් පිරිසක් විසින් සිදුකරන , එවැනි සිද්ධින් කිහිපයක් මේ වන විට වාර්තා වී ඇති බවත් , ඒ සම්බන්ධයෙන් අදාල පොලිස් ස්ථානවලට වාර්තා කිරීමටත් , එම අයගේ ඡායාරූප හා දුරකථන සංවාද ආදිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී එම වංචනියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ඔහු එහිදී අවධාරණය කර සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...