spot_img
spot_img

නිල ඡන්ද පත්‍රිකා බෙදීම සැප්තැම්බර් 3 සිට

2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.

ඒ මහතා පැවසුවේ එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති බවයි.

රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු කරන බව ඒ මහතා පවසනවා.

ඒ මහතා ඉල්ලීමක් කරමින් පැවසුවේ එය භාර ගැනීම සඳහා එම දිනයේ දී නිවැසියන්ට නිවෙස්වල රැදී සිටින ලෙසයි.

එමෙන්ම ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සැප්තැම්බර් මස 14 වනදා අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති බවත් ඉන් පසුව ගෙයින් ගෙට ගොස් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදුනොකරන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

කෙසේ නමුත් මැතිවරණ දිනය දක්වාම තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයට ගොස් රජකාරි වෙලාවන්හි දී සිය අනන්‍යතාවය තහවුරු කර තමන්ට හිමි නිල ඡන්ද පත්‍රකාව සිය අත්සන යොදා ලබාගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර 21 වනදා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත් වී තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,280ක්.

ඒ අතුරින් 1,148,258ක් නව ඡන්ද දායකයින් වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...