spot_img
spot_img

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 236කට සීමාවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්, ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩා පිටියේදී අද (21) ආරම්භ වුණි.

එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත්වූ අතර ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට ය.

ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 236ක් පමණි.

පළමු ඉනිමේ පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ අසාර්ථක වූ අතර දිමුත් , නිෂාන් මදුෂ්ක , මැතිව්ස් , කුසල් මෙන්ඩිස් හා චන්දිමාල් ලකුණු 72ක් තුළ දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්විය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා පන්දු 84ක් තුළ ලකුණු 74ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබීය.

සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට එක්වූ මිලාන් රත්නායක ධනංජයට අනගි සහායක් ලබාදෙමින් පන්දු 135ක් තුළ ලකුණු 72ක් ලාබා ගත්තේය.

එහිදී සිය මංගල ටෙස්ට් තරගයට එක්වූ මිලාන් රත්නායක සිය පළමු අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 96කිනි.

ඉනිමේ පළමු 6 පහරද වාර්තා කළ මිලාන් සිය අර්ධ ශතකය වෙනුවෙන් 6 පහර 01ක් සහ 4 පහර 5ක් ලබා ගත්තේය.

දකුණතින් මදවේග පන්දුයවන ඔහු වාරියපොළ සුමංගල විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.

හෙට තරගයේ දෙවෙනි දිනයයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...