spot_img
spot_img

කෝටි 40ක් වියදම් කරලා ඊට වඩා හම්බකරන්න පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන්

ඡන්දෙට කෝටි 40ක් වියදම් කර පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන් සිටින බව පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

එලෙස වියදම් කරමින් පැමිණ එම වියදමට වඩා පස් ගුණයකින් ඔවුන් උපයා ගැනීමට උත්සහ දරන බවයි ඒ මහතා පවසන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මහතා ;

“අපි ගෝඨාභය බලයට ගෙනාවේ දූෂණයෙන් තොර රටක් හදන්නයි. විවිධ අඩුපාඩු නිසා ඔහුට ගෙදර යන්න සිද්ධ වුණා. මේ රටේ කඩා වැටීමට සියලු දේශපාලන පක්ෂ වගකිව යුතුයි. අසූ අට අසූ නවය යුගයක් ඒකට වග කියන්න ඕන.

මේ රට කඩා වැටෙන්න ප්‍රධාන වශයෙන් හේතු වුණු විධායක ජනාධිපති ධූරය අහෝසිවිය යුතුමයි. කෝටි 40 වියදම් කරන අපේක්ෂකයන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. කෝටි 40 වියදම් කරලා මොකටද පාර්ලිමේන්තුවට එන්නේ. කවුද ඒ කියලා ඔබතුමා දන්නවා. ආපු වෙලාවේ ඉඳලා වියදම් කළා වගේ පස් ගුණයක් හම්බ කරන්න උත්සහ දරනවා. රට කඩා වැටීම ඒකෙ ප්‍රතිඵලයක්. ආසනයට වග කියන මන්ත්‍රීවරයකු හදන්න ඕන. රජය එක මැතිවරණයක් සඳහා කෝටි දාහක් වියදම් කරනවා. මේ මුදල් වලින් විශ්ව විද්‍යාල කීයක් හදන්න තිබුණද. විශ්ව විද්‍යාල පහළොවක් හදන්න තිබුණා. අපේක්ෂකයන් කොච්චර සල්ලියක් නාස්ති කරනවද.

මේ මැතිවරණය සාධාරණද. මැතිවරණ කොමිසමම මුලින්ම අසාධාරණයක් කරනවා. අපේක්ෂකයන් 39ක් ඉද්දි අපේක්ෂකයන් හතර දෙනෙකුට පමණක් තැන් හතරකට ජනතාව ගෙන්වන්න අවස්ථාව දෙනවා. ඒකම අසාධාරණයක් නේ.මේ විධායක ජනාධිපති ක්‍රමය තියෙනකම් රට හදන්න බැහැ. පොල් ගහට දෙල් ගහ කියන ක්‍රමය නැවැත්විය යුතුයි. මේ මන්ත්‍රීවරුන් 225 දෙනා අද රූකඩ.මම ඉදිරිපත් කරන මේ ව්‍යවස්ථා සංශෝධන ටික කරන්න.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...