spot_img
spot_img

කෙහෙළිය වෙනුවෙන් ආ පෙත්සම ගැන අධිකරණයෙන් නියෝගයක්

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද (21) වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා.

මෙම පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නියෝග කළේ අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමට තීන්දු කරන බවයි.

එහිදී අදාළ පෙත්සම සඳහා විරෝධතා ගොනු කිරීමට දිනයක් ලබා දෙන ලෙසට නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සඳහන් කළා.

ඒ අනුව විනිසුරුවරයා නියෝග කළේ අදාළ විරෝධතා සැප්තැම්බර් මස 12 වනදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි.

ප්‍රමිතියෙන් තොරව ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බවත් එය ප්‍රතිශෝධනය කරන ලෙසත් ඉල්ලා ඒ මහතාගේ දියණිය විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...