හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්රි ජයන්ත ද සිල්වා මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා, 78 වන වියේ පසුවුණා.
ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු අද (21) උදෑසන අභාවප්රාප්ත වී තිබුණා.
එක්සත් ජාතික පක්ෂයෙන් ක්රියාකාරී දේශපාලනයට පිවිසි ජයන්ත ද සිල්වා මහතා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රිවරයෙකු ලෙසත් බස්නාහිර පළාත් සභා මන්ත්රීවරයෙකු ලෙසත් දශක තුනකට අධික කාලයක් සේවය කර තිබෙනවා.
අභාවප්රාප්ත වනවිට ජයන්ත ද සිල්වා මහතා සමගි ජන බලවේගයේ බොරැල්ල ආසනයේ සම සංවිධායකවරයා ලෙස කටයුතු කළා.




