spot_img
spot_img

කිසිදු අපේක්ෂකයෙකු 50% නොගතහොත් වෙන දේ මෙන්න

මෙවර ජනාධිපතිවරණ ප්‍රථිපලය කුමක් වුවද එය පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බව කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50%ක මැතිවරණ ප්‍රථිඵලයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවට පළවන මතවාදයන් හේතුවෙන් එම විශ්වාසනීයත්ව ඇති කළ යුතු බව ඔහු සඳහන් කළා,

කොළඹ පැවැති උත්සවයකට එක් වෙමින් ධම්ම දිසානායක මහතා මෙම අදහස් පළ කළා.

“ඒ සම්බන්ධයෙන් ජනතාව සුදානම් කිරීමේ වගකීම කොමිසමටත් තියෙනවා. දේශපාලන පක්ෂ හා කල්ලි කණ්ඩායම්වලටත් තියෙනවා. ඒකට හේතුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා බරපතළ විදියට එන්න පුළුවන්. මොකද හේතුව සාමාන්‍ය මිනිස්සුන්ට හිතෙනවා අපේ කෙනා තමා පළවෙනියා ආවේ. හැබැයි දෙවැනි මනාපය ගණන් කරනකොට ඡන්දේ එන එක හරි. මේකේ කිසිම ගැටලුවක් නෑ. නමුත් සිවිල් සමාජය විදියට ලොකු වගකීමක් තියෙනවා මේ එන ප්‍රතිඵලය භාරගැනීම සඳහා සුදානම් කිරීමට.”

කිසිදු අපේක්ෂකයෙකු 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගන්නා වාතාවරණයක් තුළ පළමු ගණන් කිරීමේදී දෙවන ස්ථානයට පත්වූ අපේක්ෂකයෙක් මනාප ගණන් කිරීමේන් පසු පළමු ස්ථානයට පත්වුවහොත් ඇති වන වාතාවරණය පිළිබඳ ධම්ම දිසානායක මහතා එහිදී විමසා සිටියේය.

ඊට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසෙල ප්‍රතිචාර දැක්වුවා

“ඕක දැන් බොහෝ වෙලාවට අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. එහෙම වුණොත් මොකද වෙන්නේ කියන එක. එකම දේ තියෙන නීතිමය රාමුව තුළ මේක හරි. මොකද හේතුව මනාපය කියන එක ඡන්දයක් වෙනවා නේ. ඒ නිසා මේ ක්‍රමවේදය තුළ ඉලන්න අපේක්ෂකයෝ සියලුදෙනාත් ඡන්දය පාවිච්චි කරන සියලුමදෙනාත් මේ රටේ තියෙන නීතියත් එක්ක යන්න වෙන්නේ. මේක වෙන කොහෙන්වත් ආපු එකක් නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දාලා පනතින් සම්මත කරලා, සියලු අපේක්ෂකයින් වගේම ඡන්ද දායකයෙනුත් මේක දැනගෙන ඉන්නේ. මේ ගැන දැනුවත් කිරීම හොඳයි. අපිට කියන්න පුළුවන් ව්‍යවස්ථාවේ තියෙන ආකාරය විතරයි.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...