ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එකතු වී තිබෙනවා.
ඊයේ (19) කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල සහ නිකවැරටිය ආසනවල සර්ව පාක්ෂික ආසනබල මණ්ඩල රැස්වීම් පැවැත්වූ අතර, එහිදී මෙම තීරණය දැනුම් දී තිබුණ.
මෙම අවස්තාව සදහා එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක අසන්ග පෙරේරා මහතාද සහභාගී වී සිටියා.
මේ අතර මිට ප්‍රථම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන පිරිසක්ද අසංග පෙරේරා මහතාගේ ඉල්ලිමකට අනුව එක්සත් ජාතික පක්ෂය සමග එක්වුණා.
ඔහු වැඩිදුරටත් සදහන් කලේ ඉදිරි දින කිහිපයෙදි සජබයේ සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්විමට නියමිත බවයි
මෙම අවස්ථාවට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, මහින්දානන්ද අලුත්ගමගේ, අසංක නවරත්න, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අකිල විරාජ් කාරියවසම්, පළාත් පාලන ආයතනවල සභාපතිවරු, උප සභාපතිවරු හා විපක්ෂ නායකවරු හා පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුණා.
නිකවැරටිය ආසනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල බල කණුවක් වන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආසනය වන අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ ද කුරුණෑගලින් වීම විශේෂයක්.




