spot_img
spot_img

කහ වතුරෙන් නාලා ආවත් මිනිස්සු රනිල්ට ඡන්දේ දෙන්නේ නැහැ – දයාසිරි

කහ මිශ්‍රැති ජලයෙන් ස්නානය කර පැමිණියද රටේ දුප්පත් ජනතාව රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබා දීමට සූදානම් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අද (19) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුලුමනින්ම විනාශ කළ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ දයාසිරි ජයසේකර මහතා:

“කහ වතුරෙන් නාල ආවත් රනිල් වික්‍රමසිංහට මේ රටේ දුප්පත් මිනිස්සු ඡන්දය දෙන්න සූදානම් නැහැ. ඒක තමයි සත්‍ය. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්බන්ධව අපිට කියන්න තියෙන්නේ එක කාරණයයි. එක්සත් ජාතික පක්ෂය විනාශ කරපු පොහොට්ටුව කුඩේ කුඩු කරපු ,,මෙච්චර කාලයක් අපි ඇහුවේ මහින්ද රාජපක්ෂ තමයි පක්ෂය කැඩුවෙ කියලා , අර මහින්ද රාජපක්ෂව බින්දුවට වට්ටලා අර මිනිස්සු ටික ඔක්කොම අර ගත්තා. මේ පක්ෂෙට කරුමක්කාරයෙක් විදියට පත්වුණා රනිල් වික්‍රමසිංහ”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...