spot_img
spot_img

ආතල් එකට ජන්දේ ඉල්ලන ජනාධිපති අපේක්ෂකයෝ

ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගෙන් 90%ක්ම ඉදිරිපත්ව සිටින්නේ ජයග්‍රහණය නොව වෙනත් පෞද්ගලික අරමුණු සහ බලාපොරොත්තු ඉටුකර ගැනීමට බවට පෙනී යන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා.

එම සංවිධානයේ නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශකයෙක් පැවසුවේ ආණ්ඩුකාර ධූර, සංස්ථා සභාපතිකම් ඇතුළු විවිධ තනතුරු ලබා ගැනීම, විදේශ සංචාරවලදී ඉහළ පිළිගැනීම් ලබා ගැනීම, තානාපති තනතුරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රික තනතුරු ලබාගැනීම, මීළඟ මහ මැතිවරණයේදී තරඟ වැදීමට ජන පදනම සකස් කර ගැනීම, පිළිගත් දේශපාලන පක්ෂවලට සූක්ෂම ලෙස ඇතුළුවීම සහ ඒවායේ නිලතල ලබා ගැනීම, මාධ්‍යයන්හි වෙන් කෙරෙන ගුවන් කාලය පාවිච්චි කරමින් ප්‍රධාන අපේක්ෂකයන්ට කෙලින්ම හෝ අනියමින් සහාය දැක්වීම සහ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා ගැනීම යනාදී කාරණා මෙම අපේක්ෂකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණු අතර වන බවයි.

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනෙක් ඉදිරිපත්ව සිටින අතර මින් වැඩි පිරිසක් ව්‍යවසායකයින් මෙන්ම දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු සහ හිටපු මන්ත්‍රීවරුන් වනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ අපේක්ෂකයන් විශාල වශයෙන් ඉදිරිපත්වීමෙන් වැඩිවන සෑම අපේක්ෂකයකු වෙනුවෙන්ම කෝටි දෙකකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...