විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරයා ලෙස පත් වන බවට සෑම සමීක්ෂණයකින්ම තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, අද (19) නාවලපිටිය පැවති සමඟි ජන බලවේගයේ ජන රැලියක් අමතමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා ;
“අද වෙනකොට මේ රටේ හැම සමීක්ෂ ණයකින්ම කියවෙන කතාවක් තියෙනවා. ඒ තමයි ඊළඟ ජනාධිපතිවරයා හැටියට පත් වෙන්නේ වෙන කවුරුවත්ම නෙවෙයි සජිත් ප්‍රේමදාසයි කියලා මේ හැමෝම කියන්න පටන් අරගෙන තියෙනවා.
මං දැන් දවස් තුනකට හතරකට උඩදි පිටකෝට්ටේ සිරිකොත මන්දිරය ඉස්සරහින් වෙනත් ගමනක් ගියා. අර ගොඩනැගිල්ලේ ගහලා තිබ්බ විශාල අලියා දැන් නෑ. ඒක මකලා දාලා ඒකට උඩින් මලකඩ අල්ලපු ගෑස් සිලින්ඩරයක් හයි කරලා. ඔන්න රනිල් මහත්තයා කරපු වැඩේ. එයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා නම් එක්සත් ජාතික පක්ෂයට ආදරෙයි නම් කරන්නේ එතකොට මොකක්ද? අවුරුදු 20ක් පුරා ජනාධිපතිවරණ වලදි අපිට කරන්න බැරි උන ඒ අලියා ලකුණු ඡන්ද පත්‍රිකාව ඇතුළත් කරන්න එයා ජනාධිපතිවරයා හැටියට බය නැතුව තීරාණයක් ගන්න තිබුණා. හැබැයි ඒක කළේ නෑ. මොකක්ද එයා කළේ, අවසානයේ දිය වෙලා යන එක්සත් ජාතික පක්ෂයේ මිනී පෙට්ටියට අවසාන ඇණයත් රනිල් දැන් ගහලා තියෙනවා.”




