හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුව ඔහු සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව හරීන් ප්‍රනාන්දු මහතාව සංචාරක, ඉඩම් , ක්‍රීඩා හා තරුණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ උපදේශකයෙකු ලෙස පත් කර තිබෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලිපියක් මගින් මේ බව දැනුම් දී තිබෙනවා.
කෙසේවෙතත් මෙම පත්කිරිමට එරෙහිව සමගි ජන බලවේගයේ නීති සන්ධානය මැතිවරණ කොමිසම වෙත ඊයේ(18) පැමිණිල්ලක ඉදිරිපත් කළා.
හරීන් ප්‍රනාන්දු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කළ අතර ඒ අනුව මන්ත්‍රී ධුරය මෙන්ම ඔහු දැරූ ක්‍රීඩා, සංචාරක හා ඉඩම් යන අමාත්‍ය ධුර ද ඔහුට අහිමි වුණා.




