spot_img
spot_img

විධායක ජනපති ක්‍රමය මම අහෝසි කරනවා – සජිත්

තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව සමගි ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (18) රුවන්වැල්ලේ පැවති ජනරැලියක් අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

“අපි ඔබට කියන්න කැමතියි, මේ රටත් ඔබත් දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 වෙනිදා ඒ යුගය අපි බිහිකරනවා. බොරුවට රුපියල් 1,700ක් දෙනවා කියලා රුපියල් 1,350ක් දෙන බොරුකාර වංචාකාර ක්‍රමය. අපි කියන්නේ නැහැ රුපියල් 2,000ක් දෙනවා කියලා. හැබැයි අපි එක දෙයක් කියනවා විරැකියාවෙන් පෙළෙන මේ ප්‍රදේශවල සමස්ත තාරුණ්‍යයට කුඩා තේ වතුහිමියන් හැටියට රටේ තේ නිෂ්පාදනයට දායකත්වය ලබාදෙන්නට අපි ක්‍රමවේදය හදනවා. රජපක්ෂලාට කත්ඇදලා රට බංකොලොත් කළ කණ්ඩායම්වල ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වෙලා. රටේ ජනාධිපති අද රාජපක්ෂලා ආරක්ෂා කරනවා. මට කියනවා පැනලා ගියාලු. මම පැනලා ගියේ නැහැ. මම කවදාවත් වෙනත් අපේක්ෂකයෝ දැම්මේ නැහැ. කී දෙනෙක් කිව්වද ජනාධිපති ක්‍රමය ගැන. කවුරුත් වෙනස් කළේ නෑ. මට මේ තනතුරු ආසාව නැහැ. මම විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම ඉවත් කරනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...