spot_img
spot_img

තායිලන්ත අගමැතිනියට රජුගේ අනුමැතිය

තායිලන්ත අගමැති ධුරය සඳහා එරට පාර්ලිමේන්තුව මගින් මීට දින දෙකකට පෙර තෝරා පත්කර ගත් පේටොන්ග්ටාන් ශිනවත් සඳහා තායිලන්ත රජතුමා ගේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එරට ළාබාලතම අගමැති ලෙස ඇය වාර්තාගත වෙයි. 37 හැවිරිදි වියේ පසුවන පේටොන්ග්ටාන්, තායිලන්තයේ හිටපු අගමැතිවරයෙක් වන තක්සින් ශිනවත් ගේ දියණිය කි.

ඇය එම ධුරය සඳහා තෝරාගනු ලැබුවේ එරට අගමැති ලෙස කටයුතු කළ ශ්‍රේතා තවිසින් ව ව්‍යවස්ථාදායක අධිකරණය මගින් බලයෙන් පහ කිරීම හේතුවෙනි.

ඉදිරි දින කිහිපයේදී ඇය සිය අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට නියමිතය. තම පියාට රජයේ වගකීමක් දීමට අදහස් නොකරන බව පැවසූ පේටොන්ග්ටාන් පෙන්වා දුන්නේ තමා සිය පියාගේ උපදෙස් බලාපොරොත්තු වන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...