spot_img
spot_img

ග්‍රාම නිලධාරි වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන් කරයි

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.

ග්‍රාම නිලධාරියා, මැතිවරණ නිලධාරියෙක් බැවින් එළැඹෙන ජනාධිපතිවරණයේදී සිය උපරිම දායකත්වය ලබාදීමේ අරමුණෙන් එම තීරණය ගත් බව එහි සම සභාපති නන්දන රණසිංහ මහතා අද (18) සඳහන් කළේය.

ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාවන් සහ ග්‍රාම නිලධාරි දිමනාවන් වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස සකස්කර දෙන ලෙස ඉල්ලමින් දිවයින් පුරා ග්‍රාම නිලධාරිවරු මැයි 04 වනදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර කළහ.

මේ අතර ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය විසින් අගෝස්තු 12 වනදා සිට 18 වනදා දාක්වා කළු විරෝධතා සතියක් අරම්භකර තිබුණු අතර එයද අද මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කිරීමට නියමිතව ඇති බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපතිවරයා පැවසීය.

එමෙන්ම මැයි 17 වනදා සිට මේ දක්වා ග්‍රාම නිලධාරිවරුන් විසින් ක්‍රියාත්මකළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයද අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් වන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...