spot_img
spot_img

සජිත් අනුර හැංගුන තැන හෙළි කරන්න-රනිල්

“පුළුවන් ශ්‍රී ලංකා” මැතිවරණ ව්‍යාපාරය රට බෙදන තැනක් නොව, රට රැකීමට තුන් සිංහලය එකට එක්වන තැනක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තම අපේක්ෂාව වනුයේ සියලුදෙනා එක් කර ගනිමින් රටේ ජනතාවට යහපත් අනාගතයක් ගොඩනඟාදීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ඊයේ (17) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී මංගල ජන රැළිය අමතමින් පවසා සිටියා.

ජන රැළිය ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ රටේ ආර්ථිකය ගොඩනැඟුවේ සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, හර්ෂ ද සිල්වා හෝ සුනිල් හඳුන්නෙත්ති නොවන බවයි.

තම ආණ්ඩුව අවශ්‍ය තරම් පොහොර ලබා දුන් විට 2022, 2023 සාර්ථක අස්වැන්නක ලබා දුන් ගොවි ජනතාව මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ආ බවද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක අද වේදිකාවල ජනතාවගේ ජීවන් බර ගැන කථා කිරීම විහිළුවට කරුණක් බවත්, ඔවුන් සැබෑ ලෙසම ජනතාවගේ දුක දන්නවා නම් එදා ආණ්ඩු බලය ගෙන ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලබාදිය යුතුව තිබු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියා.

එදා ගෑස් සිලින්ඩරය 6800ට යන විට සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක සිටියේ කොහේදැයි ජනාධිපතිවරයා විසින් විමසා සිටියා.

ඔවුන් එම ප්‍රශ්නයට පිළිතුරු ලබාදි යුතු බවත් එසේ නැති නම් මෙම වේදිකාවට පැමිණ අසුන්න ගන්නා ලෙස ඔවුන්ට පවසන බවත් පැවසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්ධන ,ගෑස් ,විදුලිය ප්‍රශ්න යන ප්‍රශ්නවලට තමා මේ වන විට සාර්ථකව පිළිතුරු ලබා දී ඇති බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“අද ඔබ සියලුදෙනා මෙම ස්ථානයට රැස්ව සිටින්නේ පක්ෂ ගැටෙන ඡන්ද ව්‍යාපාරයක් වෙනුවෙන් නොවෙයි. අද අප එක්ව සිටින්නේ සියලුදෙනා එක්වන මේ රටේ ජනතාවගේ අනාගතය තහවුරු කරන ව්‍යාපාරයක් වෙනුවෙන් බව කිවයුතුයි. අද මල්වැස්සක් වැස්සේ ඒ නිසයි. මෙතන බෙදෙන තැනක් නොවෙයි, මේ රට රැකීමට තුන් සිංහලය එකට එක්වන තැනයි.පක්ෂ බේදයෙන් තොරව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ගැස් සිලින්ඩරය ලකුණින් මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඒ නිසයි. අද මෙතන සිටින්නේ අනිත් නායකයන් බැහැ කියලා පැනලා යද්දි, පුළුවන් කියා රට බේරාගත් පිරිසයි. අද විවිධ පක්ෂවලට අයත් පිරිස මෙම ස්ථානයට රැස්ව සිටිනවා. එසේනම් මගේ ඡන්ද ව්‍යාපාරය වන්නේ මේ රටේ සියලුදෙනා එක් කර ගනිමින් ඉදිරියට ගොස් රටේ ජනතාවට යහපත් අනාගතයක් ගොඩනඟා දීමයි. මෙය මගේ අනාගතයවත්, මෙහි සිටින මැති ඇමතිවරුන්ගේ අනාගතය වෙනුවෙන්වත් ගෙන යන ව්‍යාපාරයක් නොවෙයි. මේ රටේ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළක් බව කිවයුතුයි.එදා විදුලිය තිබුණේ නැහැ, සියලුදෙනා අඳුරේ ජීවත් වුණා. ඉන්ධන තිබුණේ නැහැ, පයින් ගියා. ගෑස් තිබුණේ නැහැ, සිලින්ඩර් විතරයි තිබුණේ. ඒවත් පිපිරුවා. ඖෂධ තිබුණේ නැහැ, ජනතාව මහ පාරේ මිය ගියා. හෝටල් වැහුණා. කර්මාන්ත ශාලා කඩා වැටුණා. එවන් අවස්ථාවක මමත්, අගමැතිතුමා ඇතුළු මේ කණ්ඩායම රට භාරගත්තා. ඒ වෙනුවෙන් වෙන කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස්වුණා. හිටපු ජනාධිපතිතුමා ද ඉල්ලා අස් වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...