ජනාධිපතිවරයා ජනාධිපති මැතිවරණය ආරම්භ කරන්නේම රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
ඔහු පවසන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලය මේ වනවිට ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන තිබෙන බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා භාරදුන් දුන් දවසේ සිටම රාජ්‍ය මුදල් අවභාවිතා කරන බවත් ඒ පිළිබඳව මැතිවරණ කොමිසම වහාම මැදිහත්වී කටයුතු කළ යුතු බවත් ඔහු පවසනවා.
ජනාධිපතිවරයා භාවිතා කරන්නේ ජනතාවගේ බදු මුදල් බවත් ඔහු රටේ දේපළ සහ මුදල් අවභාවිතා කරමින් මැතිවරණ ක්‍රියාවල යෙදීම වහාම නැවැත්විය යුතු බවයි මුජිබර් රහුමාන් මහතා පවසන්නේ.
එමෙන්ම ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් ගෘහ නිර්මාණ ශිල්පීන්ට සහ ඉංජිනේරුවන්ට අගොස්තු 21 වැනිදා රාත්‍රී භෝජන සංග්‍රහයක් සුදානම් කර තිබෙන බවද ඔහු කියා සිටියා.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (16) සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා :
“ජනාධිපතිවරයාගේ ජනාධිපති මැතිවරණය ආරම්භ කරන්නේම රාජ්‍ය දේපළ අවභාවිතා කරලා. ජනාධිපති ලේකම් කාර්යාලය මේ වනවිට ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගෙන තිබෙනවා. ජනාධිපතිවරයා භාවිතා කරන හෙලිකොප්ටරයට ගෙවන්නේ ජනතාවගේ බදු මුදල් වලින්. රනිල් වික්‍රමසිංහගේ තාම භාවිතා කරන්නේ රාජ්‍ය මුදල්. ජනාධිපතිවරයා රාජ්‍ය මුදල් අවභාවිතාය කරන්නේ නාමයෝජනා භාරදුන් දුන්න දවසේ ඉදන්. මේ පිළිබඳව වහාම මැදිහත්වෙලා මැතිවරණ කොමිසම කටයුතු කළ යුතුයි. ඒ වගේම ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් ගෘහ නිර්මාණ ශිල්පීන්ට සහ ඉන්ජිනේරුවන්රුට අගොස්තු 21 වැනිදා රාත්‍රී භෝජන සංග්‍රහයක් සුදානම් කරලා තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා තමයි මේ ලියුම යවලා ගෘහ නිර්මාණ ශිල්පීන්ට සහ ඉන්ජිනේරුවන්රුට ආරාධනා කරන්නේ. මේ ආකාරයට මැතිවරණ කාල සීමාවේ ජනතාවගේ මුදල් අවභාවිතා කරලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා සාධාරණ සමාජයක් ගොඩනගන්න කටයුතු කරන්නේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා භාවිතා කරන්නේ ජනතාවගේ බදු මුදල්. ජනතාවගේ මුදල් රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරණ වලට යොදා ගැනීම ඔහු නැවැත්විය යුතුයි. වහාම ජනතාවගේ මුදල් අවභාවිතා කරන ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණ නැවැත්විය යුතුයි. ජනාධිපතිවරයා රටේ දේපළ සහ මුදල් අවභාවිතා කරමින් මැතිවරණ ක්‍රියාවල යෙදීම වහාම නැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම ඉදිරියට පැමිණිය යුතුයි.
ඒ වගේම රට බංකොලොත් කළ දුෂිත පිරිස පලවා හැරීමට ජනතාව සැප්තැම්බර් 21 වැනිදා අවස්ථාව ලැබෙනවා. රටේ දේශපාලනයේ වෙනසක් කරන්න සියලුම ජනතාව එක්විය යුතුයි. රටේ ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් ගොඩනැගීමට අවශ්‍ය මූලික කරුණු ඉටු කිරිමට සහ ජනතාවගේ අභිලාශයන් ඉටු කිරිමට හැකි වෙන්නේ සමගි ජනබලවේගයට සහ සජිත් ප්‍රේමදාස මහතාට පමණ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් කියා සිටියා”




