අතීත මතකාවර්ජනය දෙස බැලීමේදී මැතිවරණ කොමිසමෙන් දෛවවෝපගත ලෙස පක්ෂයට හොඳම ලකුණ දුන් බව ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා.
ඔහු පවසන්නේ, සෑම ස්ථානයකම දක්නට ඇත්තේ ගෑස් සිලින්ඩරය බවත් ගෑස් සිලින්ඩරය ඕනෑම කෙනෙකුට අමතක නොවන ලකුණක් බවයි.
එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේදී ගෑස් මිල ඉහළ ගිය බවත් ඒ වන විට ජනතාව ගෑස් සිලින්ඩරේ කරේ තබාගෙන පෝලිම් වල සිටි ආකාරය කාටත් මතක බවත් ඔහු පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආශු මාරසිංහ මහතා :
“අතීත මතකත් එක්ක ගත්තම, මේක දෛවෝපගත විදියට මැතිවරණ කොමිසමෙන් අපිට දෙන්න පුළුවන් හොඳම ලකුණ දුන්නා.මොකද, ගෑස් සිලින්ඩරය කාටවත් අමතක වෙන ලකුණක් නෙවෙයිනේ.දැන් අපි දුරකථනය පාව්ච්චි කරලා, දුරකථනයෙන් ඉල්ලන්නෙත් ගෑස් සිලින්ඩරේනේ. හැම තැනම දකින්න තියෙන්නෙත් ගෑස් සිලින්ඩරේ.ඒ වගේම තමයි, අපි අවුරුදු දෙකකට කලින් ගෑස් සිලින්ඩර උඩ වාඩිවෙලා වින්ද දුක් ටික මතක් වෙන කොට ඉතින්, හැමෝටම හොඳට මතක හිටින ලකුණක් හම්බවෙලා තියෙන්නේ.
ගෝඨාභයගේ කාලේ අර අධික ලෙස ගෑස් මිල ඉහළ ගියාම අපි ගෑස් සිලින්ඩර් කරේ තියාගෙන ගියා ගෑස් ගේන්න. එවැනි අතීත මතකත් තියෙනවා. මේවා සියලු දේටම ඉතින් ගෑස් සිලින්ඩරේ ඉතා හොඳ ලකුණක්.ගෑස් කියන්නේ හැමෝටම ඕනේ දෙයක්. ගෑස් සිලින්ඩරේ අරන් ගිහිල්ලා ගෙදර පහන පත්තු කරන්න, ලිප පත්තු කරගන්න. හැම තැනටම ඕනේ වෙන්නේ ගෑස් සිලින්ඩරේ.ඒ නිසා, ගෑස් අවශ්‍යයි අපේ දෛනික ජීවිතයට.ගෑස් නැතුවම බෑනේ. ඒ වගේම තමයි රටට රනිල් නැතුවම බෑ”




