වඳුරු උණ වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නිකුත් කළ පසු මෙරටට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
වඳුරු උණ සම්බන්ධයෙන් පසුහිය 14 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබුණා.
වෛරසය රට තුළට ඇතුලුවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මූලික සාකච්ඡා මේවන විට ක්‍රියාත්මක බවයි එම අමාත්‍යංශය පවසන්නේ.
මේ වනවිට මෙම වෛරසය මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකානු කලාපය පුරා ව්‍යාප්තව පවතිනවා.
එමෙන්ම වඳුරු උණ වෛරසය වැළදීම හේතුවෙන් මේවන විට 461දෙනෙකු මියගොස් තිබෙනවා.




