spot_img
spot_img

සජිත් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී

සමගි ජන බල වේගයේ නායක ,විපක්ෂ නායක හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන්ට පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත් ඉටුකොට දළදා සමිඳුන්ගේ ආශීර්වාදය ලබාගෙන සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කටයුතු ආරම්භ කළා.

මෙහිදී අනුශාසනාවක් කළ මල්වතු පාර්ශවයේ අනූනායක මහාචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් මෙලෙස අදහස් පළ කළා:

“රට ඉතා දූෂ්කර ආර්ථික අපහසුතාවයකට පත්ව ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දී තිබෙන අවදියක මැතිවරණයක් ආරම්භ වී තිබෙනවා.සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන් වු දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා සම්බුදු සසුනටත්, මේ මහනුවර ශ්‍රී දළදා මැදුරටත් කළ මෙහෙවර අමතක කළ නොහැකියි.
එතුමා මේ රටේ අසරණ ජනතාවට නිවාස තනා දී ගම්නියම්ගම් සංවර්ධනය කරමින් සිදුකළ මෙහෙවර කෘතගුණ පූර්වකව සිහිපත් කල යුතුයි”

මෙහිදී අනුශාසනාවක් කල අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනූනායක වේඬරුවේ උපාලි හිමිපාණන් වහන්සේ දැක්වූ අදහස්:

“අදට අපේ රටට අවශ්‍ය වන්නේ රටේ උදාර සංස්කෘතික සෝදාපාලුව අවසන් කළ හැකි දේශපාළන නායකයෙක්.රටට අවශ්‍ය වන්නේ සංස්කෘතික නායකයෙක් ඉතිහාසයේ සඳහන් වනවා මහා සංඝරත්නයේ පිරිත් දේශණාවේ ආශීර්වාදය ලබාගෙන රටක නායකත්වයට පත්වන පුද්ගලයා මහා සංඝරත්නයේ අනුශාසනාව ලබාගෙන කටයුතු කල යුතු බවට.එදා රජවරුන් පවා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ගරු කටයුතු ලෙස ලබා ගත්තා. දුටුගැමුණු මහ රජතුමා පවා මහා සංඝරත්නය බැහැදැක අවවාද අනුංශාසනා ලබා ගත්තා.අපේ ඉතිහාසයේ පවා රජවරු රට රාජ්‍ය පාලනය කිරීමට පෙර මහා නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාවලට සවන් දී දැහැමින් රාජ්‍ය පාලනයය කලා.එදා එහෙමයි අපේ රජවරු රටේ රාජ්‍ය පාලනය කරගෙන ගියේ”

හිටපු ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා එදා ගම් උදා බිහිකරමින් නිවාස නැති ජනතාවට නිවාස තනා දී අපේ ජාතික සංස්කෘතිය පිළිබඳව ජනතාවට දැණුම අවබෝධය ලබා දීමට කටයුතු කලා.රටකට අවැසි වන්නේ රටේ සංස්කෘතිය ආගම සුරක්ෂිත කරන ජාතික නායකයෙක්. මේ රටේ බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදී රටේ සියලු ආගමිකයන්ට ජාතිකයන්ට එකසේ සළකමින් සැමට සහජීවනයෙන් ජීවත් වන්නට හැකි ලෙස රටක් පාලනය කිරීම යහපත් දැහැමි පාලකයෙකුගේ වගකීමයි.

මේ රටට යහපතක් උදාකර දීම සෑම නායකයෙකුගේ යුතුකම හා වගකීමයි.මේ රට හරියට හදාගෙන මේ රටේ පුරවැසියන්ට මේ රටේ සතුටින් සාමදානයෙන් ජීවත් වීමට හැකි වාතාවරණය සලසා දීම රටක රාජ්‍යත්වය අපේක්ෂා කරන නායකයාගේ වගකීම විය යුතුයි.මේ රටට සංස්ංකෘතික මිනිස්සු බිහිකල යුතුයි. මේ රටට ⁣ සෞභාග්‍ය ඇතිකර දීමට ඔබට ධෛර්යය ඇතිවේවා.යි ආශීර්වාද කරනවා”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...