spot_img
spot_img

මෛත්‍රීට අද යන එන මං නැති වෙලා – මහින්ද

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට කැමැති යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩකරුවන් යවා තිබෙන නමුත් ජනාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ විශ්වාසය තැබිය නොහැකි පුද්ගලයකුගේ සහයෝගය තමන්ට අවශ්‍ය නැති බව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා ඇති බවයි.

ඔහු මේ බව සඳහන් කළේ බෙලිඅත්තේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ කමිටු නියෝජිතයින් හමුවෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා :

“අපේ පක්ෂයේ හිටපු සභාපතිවරයා අද යන එන මං නැති තත්ත්වයට පත් වී සිටිනවා. කිසිදු පක්ෂයකින් ඔහු බාරගන්න කැමැති නෑ. තමන් පිළිබඳ විශ්වාසය තමන්ම පළුදු කර ගත්තාම උරුම වෙන්නේ මහමඟ තමයි. දැන් කොහේ හරි කුණු ගොඩක් හොයනවා ඇති. ඒකට සම්බන්ධ වෙන්න. නමුත් හිටපු ජනාධිපතිවරයෙක් මේ තරම් පහත් තත්ත්වයකට ඇද වැටීම ගැන අපි කණගාටුවට පත් වෙනවා”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...