ජනතාවගෙන් හොරාකන ලද දේපළ රජයට නැවත පවරගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මැතිවරණ කොමිෂන් සභාවෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත මෙම අදහස් පළ කළා.
“එහෙටෙ මෙහෙට පනින මේ ගෙඹි දේශපාලනය මේ රටේ ජනතාවට අප්‍රසන්න වෙලා තියෙන්නෙ. ජනාධිපතිවරණයට ගොඩවල්කීයක් ආවත් කඳවුරු දෙකයි තියෙන්නේ , මේ රට විනාශ කරපු කඳවුර සහ මේ රට මුදවා ගැනීමේ කඳවුර”




