ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් නාමයෝජනා දීමට රුපියල් ලක්ෂ 300 ක අල්ලස් මුදලක් ගැනීමේදී එම පක්ෂයේ ලේකම්වරයා ඇතුළු විධායක සභිකයන් කීපදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව පවසනවා.
අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට කළ පැමිණිල්කට අනුව කළ වැටලීමකදී වැලිකඩ ප්රදේශයේ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර එම පක්ෂයේ හිටපු ලේකම් සහ එම පක්ෂයෙන් 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් ද සිටින බවත් ඔවුන්ගෙන් මේ වන විට ප්රකාශ සටහන් කරගනිමින් සිටින බවත් වැඩිදුරටත් වාර්තා වනවා.




