spot_img
spot_img

මන්ත්‍රීවරු 20ක් වත්කම් ඉදිරිපත් කිරීම පැහැර හැර​ලා?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20​ක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති බ​ව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ, එම මන්ත්‍රීවරුන් විසිදෙනාට යළි සිහිකැඳවීමක් කරන ලෙසයි.

වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාර දිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 169ක්.

මේ සෑම මන්ත්‍රීවරයකුම සෑම වර්ෂයකම ජුනි 30 වැනිදාට ප්‍රථම සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාරදිය යුතු වනවා.

වත්කම් බැරකම් ප්‍රකාශ බාරදී නැති මෙම මන්ත්‍රීවරුන් විසි දෙනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ අවධානය යොමු වී ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නව පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සෑම වසරකම අගෝස්තු 31 වැනිදා තෙක්ම සිය වත්කම් ප්‍රකාශ බාරදීම පැහැර හැරියහොත් වසරකට නොවැඩි සිර දඬුවමක් හෝ මාස දොළහක වැටුප්වලට සමාන දඩ මුදලක් හෝ එම දෙකම හෝ නියම කිරීමට නීතිමය ප්‍රතිපාදන පවතිනවා.

1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනතෙන් දක්වා ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු නිලධාරීන් සහ පුද්ගල කාණ්ඩවලට අමතරව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 80 වැනි වගන්තියෙන් ද තවත් නිලධාරීන් හා පුද්ගල කාණ්ඩ ගණනාවක් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ලයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...