spot_img
spot_img

නාමල්ට අභියෝගය තියෙන්නේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් එක්ක – ප්‍රසන්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂට අභියෝගය ඇත්තේ බත්තරමුල්ලේ සීලරතන හිමියන් සමඟ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහ​තා පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතාව ආදරය කළද,එම පවුලේ සියලුම දෙනාට ජනතාව ආදරය නොකරන බව​යි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහ​තා පවසන්නේ.

අමාත්‍යවරයා පවසන්නේ, මේ වන විට තරඟ​ය ඇත්තේ රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගය අතර බවයි.

ඔහු මේ බ​ව සඳහන් කළේ, මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා :

” මහින්ද රාජපක්ෂ මහතාට අපි අදටත් ආදරෙයි.එතුමා හැමදාම කිව්වේ පළමුවත් මව්බිම දෙවනුවත් මව්බිම,තෙවනුවත් මව්බිම කියලා.එහෙමනම් මව්බිම වෙනුවෙන් කටයුතු කරන්න අපේ වගකීමක් තියෙනවා.මහින්ද මහත්තයා රට දින්න එ​ක එතුමාට ආදරේ කළාට,එහෙමයි කියලා එගොලන්ගේ පවුලේ හැමෝටම මිනිස්සු ආදරේ කරන්නේ නෑ.

නාමල්ට අභියෝගයක් තියෙනවා සීලරත්න හාමුදුරුවන් එක්ක,ඊට වඩා එක චන්දයක් හරි ගන්න කියලා.දැන් තියෙන්නේ තරඟය අපිත් සජබයත් අතර”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...