spot_img
spot_img

ගුරුවරියගේ මුහුණට නිරුවත් ඡායාරූප බද්ධ කළ සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

ප්‍රධාන පාසලක ගුරුවරියකගේ මුහුණ නිරුවත් ඡායාරූපයකට බද්ධ කර සංස්කරණය කරන ලද ඡායාරූපයක් අන්තර්ජාලය වෙත මුදාහරින ලද බවට සැක කෙරෙන එම පාසලේම සිසුන් දෙදෙනෙකු මාතලේ පොලිසිය විසින් අ​ද (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙ​ස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මාතලේ හුලංගමුව හා වාරියපොළ ප්‍රදේශයන්හි පදිංචි සිසුන් දෙදෙනෙක්.

අදාළ ගුරුවරිය පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යා පීඨයේ සිට වසරක සීමාවාසික පුහුණුව සඳහා මාතලේ විද්‍යාලයක නැටුම් ගුරුවරියක ලෙස සේවයට පැමිණ ඇති අතර, ඇය නිට්ටඹුව, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

අදාළ ගුරුවරියගේ මුහුණු කොටස නිරුවත් ඡායාරූපයකට බද්ධ කර සංස්කරණය කරන ලද ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ මුහුණු පොතට මුදා හැර ඇති බවට ගුරුවරිය විසින් මාතලේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ මාතලේ පොලිස් කණ්ඩායමක් විසින් අදාළ සැකකාර පාසල් සිසුන් දෙදෙනා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගෙන ඇති පාසල් සිසුන් දෙදෙනා මාතලේ පරිවාස කාර්යාලය වෙත යොමු කර පරිවාස වාර්තා සමඟ මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...